Friday, September 27, 2024

General line - 0115112241

ෆොන්සේකාගෙන් හමුදාවේ ඉහළ නිලයන්ට බලපෑම්! ‘‘ෆීල්ඞ් මාර්ෂල්’’ තනතුර අවභාවිතා කරන බවට චෝදනා




ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් විවිධ බලපෑම් එල්ල වන බවට වාර්තා වනවා. යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ඇතැම් නිලධාරීන් සහ සෙසු නිලයන් සම්බන්ධයෙන් යුද හමුදාව විසින් ගෙන ඇති විනය තීරණවලට එලෙස බලපෑම් සිදු කෙරෙන බවයි. 

යුද හමුදා නීතිය අනුව කිසියම් වරදක් සිදු කරනු ලබන නිලධාරීන්ට හෝ සෙසු නිලයන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම සිදු කෙරෙනවා. 

කෙසේ වෙතත් තමන්ට හිතවත් නිලධාරීන්ට එලෙස දඬුවම් නොකරන ලෙසට හෝ ඔවුන්ට කිසියම් සහනයක් ලබාදෙන ලෙසට ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට බලපෑම් එල්ල වන බවයි වාර්තා වන්නේ. ‘‘ෆීල්ඞ් මාර්ෂල්’’ තනතුරේ බලතල අයථා ලෙස භාවිත කරමින් ඔහු මෙලෙස බලපෑම් සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වුණා.