Friday, September 27, 2024

General line - 0115112241

ආපදා ක්‍රමයෙන් පහව ගියත් තව දුරටත් විමසිල්ලෙන් සිටින්න! අදත් වැසි




අධික වැසි හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා තිබූ ගංවතුර අවදානම ක‍්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කෙසේ වෙතත් නායයාමේ අවදානම සහිත ප‍්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි. 

නායයාම් සහ ගංවතුර අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදු කෙරෙන බව මෙහිදී අවධාරණය කෙරුණා. 

ජනතාවට 117 ඔස්සේ වැඩි විස්තර දැනගැනීමට හැකියාව පවතිනවා. 

මේ අතර ප‍්‍රදේශ රැසකට පවතින වැසි තත්වය අද දිනයේ ද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.