Friday, May 10, 2024

General line - 0115112241

තේරීම් කමිටු මුල් පුටුවට සම කාලීනයන් දෙදෙනකු යෝජනා වෙයි!




පුරප්පාඩුව පවතින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය අරවින්ද ද සිල්වාට හිමිවනු ඇතැයි වාර්තා වනවා. එම ධුරයේ කටයුතු කළ සනත් ජයසූරිය ඉකුත් 06 වනදා ධුරයෙන් ඉල්ලා අස්වුණා. අරවින්ද ද සිල්වාට මාස 03ක කාලයක් එම ධුරය භාරදීමට තීරණය වී ඇති බව ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළා. මීට පෙරද අවස්ථා කිහිපයකදී අරවින්ද ද සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. 

මේ අතර කලක් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහනාම ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට යෝජනා වී ඇති බව වාර්තා වනවා. ක‍්‍රීඩකයින් තේරීමට තමන්ට නිදහස ලබා දෙන්නේ නම්, එම ධුරය භාර ගැනීමට සූදානම් බව රොෂාන් මහනාම සඳහන් කර ඇති බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ.