Friday, September 27, 2024

General line - 0115112241

බැඳුම්කර චෝදනා බොරු බව රෝසි කියයි! කළ අපහාසයට නඩු




තමන් කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ සමයේ එම කමිටුවට හමුවට ඉදිරිපත් වූ කිසිදු තොරතුරක් නීති විරෝධි ලෙසින් කුමන පාර්ශවයකට හෝ ලබාදී නොමැති බව අග‍්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී රෝසි සේනානායක පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වූ පුද්ගලයෙකු තම පුත‍්‍රයාගේ නම සඳහන් කරමින් ප‍්‍රකාශයක් සිදු කර තිබූ බවයි. එහෙත් එය සනාථ කෙරෙන කිසිදු අදහසක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. කොමිසම හමුවට ඔහු විසින් ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 2016 වසරේ සිදු වූ සංවාදයක්. තමන් එම වසරේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් නොවන බවද රෝසි සේනානායක සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා. එම නිසා තමන්ට සහ තම පුත‍්‍රයාට එල්ල වන චෝදනා සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත්, තමන්ට අපහාස කළ සියලූ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් රෝසි සේනානායක වැඩිදුරටත් පෙන්වා දෙනවා.