දුම් පානය හේතුවෙන් වසරකට 25,000ක් පමණ ජීවිත මෙරටට අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
පියවරුන්ගේ දුම් බීම හේතුවෙන් පමණක් කුඩා දරුවන් සියයට 05ක් පමණ ජීවිතක්ෂයට පත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව කියා සිටියේ සුව සේවා පත්වීම් ලිපි ප්රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින්.