Saturday, May 4, 2024

General line - 0115112241

විස්සයි විස්සේ ජය පාකිස්තානයට (VIDEO)




ලෝක ක්‍රිකට් කණ්ඩායමට එරෙහිිව පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (15) රාත්‍රීයේ සමත් වුණා. 

ඒ, දෙපිළ අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 33 ක ජයක් හිමිකර ගනිමින්. 

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4 කට ලකුණු 183 ක් රැස් කළා. 

අහමඩ් ශෙෂාඩ් පන්දු 55 කදී ලකුණු 89 යි. බාබර් අසාම් පන්දු 31 කදී ලකුණු 48 ක් රැස් කළා. 

තිසර පෙරේරා ලකුණු 37 කට කඩුලු 2 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 150 ක් පමණයි. 

තිසර පෙරේරා පන්දු 13 කදි ලකුණු 32 ක් රැස් කළා. තරගය පැවැත්වුණේ ලාහෝරයේදීයි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.