Thursday, May 2, 2024

General line - 0115112241

72 වන ජගත් මහා මණ්ඩල රැස්වීමට සහභාගීවීම සඳහා ජනපති අමෙරිකාවට




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 72 වන ජගත් සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා හෙට (17) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් අනතුරුව සහභාගී වන 3 වැනි මහා මණ්ඩල රැස්වීම මෙයයි.

මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පසුබිම, සංහිඳියා වැඩපිළිවෙල, දුප්පත් කම තුරන් කිරිම හා රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ලෝක නායකියින් දැනුවත් කිරිමට නියමිත බවයි ජනාධීපති මාධ්‍ය අංශය පැවසුවේ.

ලබන 19 දින මහා මණ්ඩල රැස්වීම ආරම්භ වන අතර එදින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභාව ඇමතීමට නියමිතයි.

එමෙන්ම ලබන 23 වන දින අමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකීක ප්‍රජාව සංවිධානය කරනු ලබන උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතව තිබෙනවා.