Thursday, May 2, 2024

General line - 0115112241

විදුලි සේවකයන් දැඩි තීරණයක




විදුලිබල සේවකයන්ට එරෙහිව ආණ්ඩුව කුමන කි‍්‍රයාමාර්ග ගත්තද සිය ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාර ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

වර්ජනය ආරම්භ කර මේ දක්වා දින 5ක් ගතව ඇතත් බලධාරීන් ඊට මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එහි ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ. 

"ඉකුත් 13 වැනිදා අපි මෙම වැඩවර්ජනය ආරම්භ කළා. අද 17 වැනිදා වෙනකොට දින 05ක් ගතවෙලා තියෙනවා. අද දිනයේත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඊයේ වෙනකොට විශ්‍රාම සේවකයින්ට කැඳවීමක් කරලා තිබ්බා...කිසිම විශ්‍රාම සේවකයෙක් සේවයට වාර්තා කරලා තිබුණේ නැහැ. මේ වෙන කොට රජයට පැහැදිළි වෙන්න ඕනේ ලංකා විදුලිබල සේවකයෝ තමන්ගේ ඉල්ලීම් දෙනකම් ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ කියලා. ජනතාව අපහසුතාවය පත් කරන්නේ රජයයි. අපිට සේවය හැරගියා සේ සළකලා ලිපි පවා එවනවා.. ඉදිරියේදී අපේ රැකියාව පිළිබඳව කුමණ තීරණය ගත්තත් මේ වැඩවර්ජනය අඛණ්ඩව සිදු කෙරෙනවා." යනුවෙන්ද සඳහන් කළා.