Saturday, May 4, 2024

General line - 0115112241

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරු ලැයිස්තුවේ 06 ස්ථානය බාබර්ට




පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගවල නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරු ලැයිස්තුවේ ස්ථාන 21කින් ඉදිරියට පැමිණිමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්ව තිබෙනවා.

ඒ අනුව, 20යි 20 පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.

ලෝක කණ්ඩායම් සමග පැවති 20යි 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් බාබර් අසාම් පිතිකරුවන් අතර මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 20යි 20 පිතිකරුවන් අතර පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවේ විරාත් කෝලි.

, ප්‍රසාද ලකුණු 826ක් සමගයි.

ඔස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච් ප්‍රසාද ලකුණු 787ක් ලබා එහි දෙවන ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉහළම ස්ථානයේ රැඳී සිටින්නේ කුසල් ජනිත් පෙරේරරායි. ඔහුට හිමිව ඇත්තේ 34වන ස්ථානයයි.

20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත් කිරීම් අනුව නවසීලන්තය පළමු ස්ථානයේ රැඳී සිටින අතර පාකිස්ථානය දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.