Tuesday, May 7, 2024

General line - 0115112241

දිරිය නෙත් සමාජ සත්කාරයට පොතක් ලබාදී දායකවන්න




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 19 වන වරටත් සංවිධාන කරන  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 05 වන දිනය අදයි.

ඊයේ (19) දිනයේ ද විශාල පිරිසක් ඊට පැමිණි බවයි සංවිධායක මඩුල්ල පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවර ද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි.

නෙත් එෆ්.එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ප්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර තිඛෙනවා.

අයි කිව් විශ්ව කෝෂය , අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා වැනි වැඩසටහන් ඇතුළත් සීඩී පට මෙහිදී මහජනතාවට ලබා ගත හැකියි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ඔබට දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරයට දායකවීමට ද අවස්ථාව උදාකර දී තිඛෙනවා.

ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් කලාපයට ඔබේ පොත් ගෙනවිත් භාරදීමෙන් ඊට දායක විය හැකියි.