Monday, May 6, 2024

General line - 0115112241

2019 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබයිද ?තීරණාත්මක තරගාවලියක් අද

කසුන් කැළුම්




2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගාවලියක් අද (19) සිට ආරම්භ වනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් තුළින් අද (19)  විමසා බැලෙන්නේ එA පිළිබඳවයි.

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලිය අද (19) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය අද (19) පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හිදි යි.

මෙම එක්දින තරගාවලියේ ප්‍රතිඵලය අනුවයි ශ්‍රී ලංකාව හෝ කොදෙව් කණAඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබන්නේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 8 ඊට සුදුසුකම් ලබනවා.

එම සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම් එහි පසුවන්නේ 9 වන ස්ථානයේයි.

බංග්ලාදේශය කණ්ඩායම ඇතුලූ රටවල් 7ක් මේ වන විටත් 2019 ලෝක කුසලාන කි්‍රකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා අවසන්.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 5 ම ජය ගත යුතුයි.

අදින් ආරම්භ වන මෙම තීරණාත්මක තරගාවලිය පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වන ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ.

 

කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස පිටියේදී දක්ෂ වුවත් එක්දින පිටියේදී එංගලන්තය ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේ.