Wednesday, May 1, 2024

General line - 0115112241

වසර 15කට පසු ජාතික මහා කී‍්‍රඩා උළෙලක් මාතරට.. දකුණේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමාරම්භක උළෙල වර්ජනයට සැරසෙති(PHOTOS)

කසුන් කැලූම් කුමාර මාතර කොටුවිල කී‍්‍රඩාංගණයේ සිට.....




හෙළයේ මහා කී‍්‍රඩා මංගල්‍ය, 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල මාතර කොටවිල කී‍්‍රඩාංගණයේදී අද (22) ආරම්භ වනවා.

සමාරම්භක උත්සවය අද (22) පස්වරු 2.30ට පැවැත්වෙන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

කී‍්‍රඩා උළෙල ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙවර මලල කී‍්‍රඩා ඉසව් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හත්සියයකට අධික පිරිසක් එක්වනවා.

දකුණු පළාත ජාතික මහා කී‍්‍රඩා උළෙලකට මෙවර සත්කාරකත්වය ලබා දෙන්නේ වසර 09කට පසුවයි.

වසර 15කට පසු මාතර දී ජාතික මහා කී‍්‍රඩා උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වනවා.

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ගිනි සිලූව දල්වනු ලබන්නේ දකුණු පළාතෙන් බිහි වූ දක්ෂ දුර පැනීමේ ශූරයෙකු වන සුජිත් රෝහිත සහ කලක් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාවට හිමිකම් කියූ ධම්මිකා මැණිකේ විසින්.

තරග ඉසව් ආරම්භ කරමින් මීටර දස දහස පිරිමි සහ කාන්තා ඉසව්වල අවසන් තරග කොටුවිල කී‍්‍රඩාංගණයේ දී අද (22) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

මේ අතර  දකුණු පළාත නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද (22) පැවැත්වෙන සමාරම්භක උත්සවය වර්ජනය කිරීමේ සූදානමක් පවතින බවද වාර්තා වනවා.

දකුණු පළාත් හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙලෙස සමාරම්භක උළෙළ වර්ජනය කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.