Thursday, May 2, 2024

General line - 0115112241

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 30




 

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2018 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමට පවත්වනු ලබන තරග විභාගය - 2017 විභාගය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම අයදුම්කරුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර‍ පසුගිය 15 වැනි දා තැපැල් කර යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර‍ සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් පහත සඳහන් දූරකතන අංක මඟින් විමසීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

දූරකතන අංක - 0112785230/ 0112177075

ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)