Tuesday, April 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලට මුහුණදීම ටිකක් අසීරුයි




ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීම තරමක අසීරු කාර්යයක් වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් පවසනවා.

පාකිස්තාන මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටි බවයි වාර්තා වන්නේ.

ලබන 28 වනදා අබුදාබි නුවර දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගයක් පැවත්වීමට නියමිතයි.

හිටපු ටෙස්ට් නායක මිස්බා උල් හක් තම කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කළ ආකාරයටම තමාද ක්‍රියා කරන බවයි සෆ්රාස් අහමඩ් පැවසුවේ.

කෙසේ වෙතත් ලබන 28 වනදා පැවත්වීමට නියමිත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ පිතිහරඹයක නිරතවනු ඇති බවත් ඊට මුහුණදීම තම කණ්ඩායමට තරමක් අසීරු වන බවයි පාකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.