Tuesday, April 30, 2024

General line - 0115112241

පානදුර - කළුතර අභියාචනා පරික්ෂණයට කමිටුවක්




පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන කවය අතර ක්‍රිකට් තරග වාරණය සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා ත්‍රීපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබෙනවා.

වාරණයට ලක් වූ එම කණ්ඩායම්වල ක්‍රීඩකයින් හා නිලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කරන ලද අභියාචනයක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අදාළ කමිටුවට සමන්ත දොඩංවල, ඔෂර පණ්ඩිතරත්න හා චන්න වීරක්කොඩි ඇතුළත්.

2016/17 ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලිය පැවැති මේ තරගය ක්‍රීඩාවේ ජීවගුණයට හානි කරන අයුරින් පැවැවීම යන චෝදනාව මත ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට වසර බැගින් තහනම් පමුණුවනු ලැබුවා.

ක්‍රීඩා කණ්ඩායම් නායකයින්ට වසර 2 බැගින් තරග තහනම් කෙරුණු අතර එම තරගයේ ලකුණු ද ඉවත්කරනු ලැබුවා.