Tuesday, April 30, 2024

General line - 0115112241

හොංකොං සික්සර්ස් තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක්




වසර පහකට පසු මෙම වසරේ හොංකොං සික්සර්ස් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් මස 28 සහ 29 යන දිනවල හොංකොංහි කොවුලූන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක් එහිදී තරග වැදීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට 2012 වසරේ පැවති හොංකොං සිකසර්ස් ක්‍රිකට් තරගාවලිය ශුරයන් බවට පත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

හොංකොං සික්සර්ස් තරගාවලි ඉතිහාසයේ පාකිස්තානය සහ එංගලන්තය අවස්ථා 5 බැගින් එහි ශූරයන් බවට පත් වුණා.

දකුණු අප්‍රිකාව සිවු වතාවක් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

1993 සහ 2004 වර්ෂයේදී එහි අනූශූරයන් වූ ශ්‍රී ලංකාව ඉන්දික ද සේරම්ගේ නායකත්වයෙන් 2007 වසරේදී එහි ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.