Tuesday, May 7, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින් පිරිසකට 200% ක පඩි වැඩිවීමක්




අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු හසුරවන්නන් වෙනුවෙන් ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 22,500ක් දක්වා වැඩිකිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර ඔවුන් සඳහා ගෙවනු ලැබුවේ මසකට රුපියල් 7500ක් පමණයි. 

මෙම වර්ගයේ දුම්රිය හරස් මාර්ග 687ක් රට පුරා තිබෙනවා. ඒවා යොදා ඇති ගේට්ටු සඳහා එක් ගේට්ටුවක 
එක් එක් ආරක්ෂක ගේට්ටුව සඳහා මේ වනවිට පුද්ගලයන් තුන් දෙනෙකු සේවයට යොදවා තිබෙනවා. කෙසේවෙතත් මින් ඉදිරියට එක් ගේට්ටුවක් සඳහා එක් පුද්ගලයෙකු පමණක් සේවයට යොදවනු ඇති. මේ සඳහා සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් යොදවා ගැනීමටද තීරණය කර තිබෙනවා.

මීට අමතරව දුම්රිය හරස් මාර්ගවලට සීනු සහ ආලෝක සංඥා සහිත ආරක්ෂණ පද්ධති සවි කිරීමට ද නියමිතයි. මෙම කරුණු සම්බන්ධයෙන්  ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබෙනවා.