Tuesday, May 7, 2024

General line - 0115112241

බටර්ගලදී රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතල තුවාල (VIDEO/PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත් කරමින් ධාවනය වීම හේතුවෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙක්  බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සාංචිමලේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙම අනතුර සිදුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

හැටන් - සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ බටර්ගල ප්‍රදේශයේදි අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. 

බස් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදිය පිටු පසින් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටිමෙන් යතුරුපැදිය අඩි කිහිපයක් බස් රථය සමග ඉදිරියට ඇදී ගොස් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ. 

රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන්  ඔහුන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිමට කටයුතු කර තිබෙනවා. 

මේ වනවිට බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.