Tuesday, May 7, 2024

General line - 0115112241

ජනපති හා අගමැති රටේ ආරක්ෂාව ගැන තීරණය ගනී




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසන ආකාරයෙන් උතුරේ ආරක්ෂක හමුදා ඉවත් කරගැනීමට සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

බියගම ප්‍රදේශයේ ඇළමාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කුමණ ප්‍රකාශයක් කළ ද රජය විසින් තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. උතුරෙන් හමුදාව ඉවත් කරන ලෙස මෙතෙක් රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන කියා සිටියේ.

එමෙන්ම රටේ විවිධ ස්ථානවලට හමුදාවේ සහාය අවශ්‍ය වූ වීට එම ස්ථාන වෙත හමුදාව යොමුකිරිමට කටයුතු කරන බවත් උතුරේ හමුදා කඳවුරු පිහිටිම තුලින් නීතිය හා සාමය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් උද්ගතව නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මෙහිදී විවේචනයට ලක්කළ අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා බවද කියා සිටියා.