Wednesday, May 8, 2024

General line - 0115112241

"ළමා ලෝකය වනු මව්බිමේ හෙට දවසයි"




ළමා ලෝකය වනු මව්බිමේ හෙට දවස බැවින් ළමා ලෝකය පිළිබඳ අවබෝධනයෙන් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමු කිරීම කාලීන වශයෙන් වැදගත් වූවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.
ඒ අනුව එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, "අද ළමා ලොව යනු අප මව්බිමේ හෙට දවසයි. ළමා ලොව පිළිබඳව වඩාත් අවබෝධයෙන් දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධව වඩ වඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතාම වැදගත්ය. ළමා මනස තේරුම් ගනිමින්, ඔවුන්ට ආදරණීයව සලකමින්, බාහිර සමාජයෙන් මෙන්ම පවුල තුළින් ඒල්ලවන විවිධ පීඩාවන් හමුවේ නිසි රැකවරණය ලබා දෙමින්, ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්නට දරුවන් ශක්තිමත් කරමින් අපි ඔවුන් රැක බලා ගත යුතු වෙමු.

''මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු  - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු''  මෙවර ලෝක ළමා දින තේමාව සමස්ත සමාජයට ඇරයුම් කරන්නේ ළමා ලොව සුරක්ෂිත කිරිමේ ඒ මහඟු කාර්යභාරය වෙනුවෙනි." යනුවෙනි.