Wednesday, May 8, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා දරුවන්ගේ පාසල් ගමන ගැන අධ්‍යාපන ඇමති කතා කරයි




විදෙස් සරණාගතයින්ගේ දරුවන් මෙරට රජයේ පාසල්වලට ඇතුළත් කර ඇති බවට ඇතැම් පාර්ශ්වවලින් එල්ල වන චෝදනාව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රතික්ෂේප කරනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "අපිට තියෙන තොරතුරු අනුව එහෙම රජයේ පාසල්වලට එහෙම ළමයි ඇතුළත් කරලා නැහැ. අපේ රටෙත් යුද්දේ තියෙනකොට අපේ අය වෙන රටවලට ගිහින් හිටියා.." යනුවෙනි.

ගල්කිස්ස ප‍්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ ඉකුත්දා ඇතිවූ සිද්ධියේදී ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ මෙම සරණාගතයින් මෙරට පාසල්වලට සිය ළමුන් ඇතුළත් කර ඇති බවටයි.

කෙසේවෙතත් රෝහින්ග්‍යා සරණාගතයන්ගේ ළමුන් මෙරට ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති බවයි සිංහල රාවය සංවිධානයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප‍්‍රකාශ කළේ. 

මේ අතර රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව ගල්කිස්ස ප‍්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරුණු  තවත් පුද්ගලයින් 4 දෙනකු පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව සැකකාරියක් ඇතුළු 6 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.