Saturday, July 27, 2024

General line - 0115112241

රෝහලකට දවසට 1,000ක්..දෙමාපියන්ටත් රැකවරණයක්..- ඔබේ දරුවාට නොමිලේ ලැබුණ 'රක්ෂණයේ' සියලු ප්‍රතිලාභ මෙතැනින් දැන ගන්න

සුගත් ධර්මප්‍රිය




රුපියල් මිලියන 2,700ක් අනාගත දරුපරපුර වෙනුවෙන් කැප කරමින් පාසැල් දරුවන්ගේ රක්ෂණ වැඩසටහන අද (02) ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙනුයි.

එක් දරුවෙකුට රුපියල් ලක්ෂ පහ ඉක්මවූ රක්ෂණ ප්‍රතිලාභ හිමිවන සුරක්ෂා වැඩසටහන ලක්ෂ 45ක් වන පාසල් දරුදැරියන් සියලු දෙනා ආවරණය කරමින් දිවයින පුරා අද සිට ක්‍රියාත්මකයි.

අපේ රටේ පාසල් යන දරුවෝ ලක්ෂ හතලිස් පහක් සිටින අතර  ඔවුහු පාසල් 11242 ක් තුළ අධ්‍යාපනය ලබනවා.

රජයේ පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සංඝයාවහන්සේ ඇතුළු අවුරුදු 5 සිට 19 දක්වා වූ ලක්ෂ හතලිස් පහකට ආසන්න සිසු පිරිස එක මොහොතක එක්වර මේ රක්ෂණයේ ප්‍රතිලාභ හිමිකරුවෝ වී සිටිනවා.


(මෙම රක්ෂණය හේතුවෙන් හිමිවන ප්‍රතිලාභ සියල්ල පහතින් දැනගත හැකියි)

රක්ෂණ ආයතනය හා කාලය - ශ්‍රී  ලංකා රක්ෂණ සංස්ථාව ( 2017 ඔක්තෝම්බර් 01 දින සිට 2018 සැප්තැම්බර් 30 වෙනි දින දක්වා)

රජය මේ සඳහා කරන වියදම - 2017 වර්ෂය සදහා රුපියල් මිලියන 2,700 වැය කෙරේ. 

ප්‍රතිලාභ ලබන සිසුන් - මිලියන 4.5ක් 

රක්ෂණාවරණ පහසුකම් අංශ තුනකින් සමන්විත වේ

1 සෞඛයමය   රක්ෂණාවරණය- 
1.1    නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම -රු 200,000කි.
•    එක් වරකදී රු100,000 දක්වා භාවිත කළ හැකිය. 
•    රෝහල් ගතවීමකින් තොරව වුවද පරීක්ෂණ කටයුතු සහ ඒ සඳහා වන වෛද්‍ය ගාස්තු සඳහා අවකාශ සැලසේ.
•    රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේදී දිනකට රු 1,000ක මුදලක් දින 30ක් දක්වා හිමිවේ 
•    රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර  ගැනීමේදී පිටතින් පරීක්ෂණ සිදු කර ගැනීමට අවකාශ -රු 10,000 දක්වා හිමි වේ.

1.2. බාහිර ප්‍රතිකාර  ආවරණය- වර්ෂයකට රු 10,000

2. හදිසි අනතුරු ආවරණය‍ 

    2.1 හදිසි අනතුරකින් මියයාම
ශිෂ්‍යා  සඳහා                    රු. 100,000
දෙමාපියන් මියයාම (එක් අයෙකු සඳහා පමණි) රු. 75,000

2 .2. පුර්ණ හා සදාකාලීක අබලතා ප්‍රතිලාභය - සිසුන් සඳහා පමණි.
පුර්ණ සදාකාලීක අබලතා     රු. 100,000
සදාකාලික අර්ධ අබලතා    රු. 50,000 සිට රු. 100,000

3.විශේෂ ප්‍රසාද  දීමනා-
        3.1. පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර  ගැනීමේදී රෝහල් ගාස්තුවලින්  20% අඩුකිරීම
        3.2. වෛද්‍ය  උපදේශකවරයෙකු හෝ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ගාස්තුවලින් 20%අඩු කිරීම