Saturday, January 11, 2025

General line - 0115112241

කඳුළු ගෑස් නිසා විනාශ වන ආණ්ඩුවක්




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (13) තංගල්ල බන්ධනාගාරයට පැමිණියා.

රාවණා බලය සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද ඒ අතර වුණා.

උන්වහන්සේ එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව විනාශ වන ආකාරය සම්බන්ධයෙන් ද පැහැදිලි කළා.

වත්මන් ආණ්ඩුව කදුළු ගෑස් නිසා බංකලොත් භාවයට පත්වන බවයි උන්වහන්සේ කියා සිටියේ.

ඒ තරම් විශාල මුදලක් කඳුළු ගෑස් සඳහා භාවිත කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සඳහන් කළේ.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ වත්මන් ආණ්ඩුව මෙරටට කිසිඳු දෙයක් නොකළ ආණ්ඩුවක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ද මෙම අවස්ථාවට එක්වුණා.