හම්බන්තොට විරෝධතාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් රාත්‍රී දහයට පමණ අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය සිදුවීමක් ලෙසත් විශේෂයෙන් සැකකරුවෙකුට ඇප දීම හෝ නොදීම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය මත සිදුවිය යුතු කටයුත්තක්ව බවත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට කිසිඳු නියෝගයක් කිරීමට පෙර බන්ධනාගාර රථ පැමිණීම ඇතුළු සියළු පෙර සූදානම මගින් පෙන්නුම් කළේ මේ වන විට නීතියේ ආධිපත්‍ය රජයේ අතකොළුවක් වී ඇති බවයි නීතීඥ සංවිධාන ජාතික එකමුතුව මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි කැඳවුම් කරු නීතීඥ ආර් මනෝජ් ගමගේ කියා සිටියේ.
ඔවුන් විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙන්න.