වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්නැයි ගාල්ල නෙළුව ප්‍රදේශයේ කඳුකර අවදානම් කලාපවල වැසියන්ට අනතුරු ඇඟවීමක් කෙරෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප්‍රදේශයේ ජනතාව විවිධ සන්නිවේදන ක්‍රම හරහා දැනුවත් කරන බවයි. පොලිසිය හා ත්‍රවිධ හමුදාව යොදා ගනිමින් දැනටමත් එම ප්‍රදේශයේ අවදානම් කලාපවල සිටින ආරක්ෂිත සිථාන වෙත යොමු කරමින් සිටින බව ඔහු කියා සිටියා.
ගත වුණු පැය 24 ක කාලය තුළ ගාල්ල නෙළුව ප්‍රදේශයට මිලිමීටර 150ක අධික වාර්ෂා පතනයක් ලැබි ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් හදිසි අවස්ථාවක දී 117 යන ක්ෂණික ඇමතුම් අංකය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ද ගතවූ පැය කිහිපය පුරා තද වැසි ඇදහැලූණා. ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 126 යි දශම 75ක වර්ෂාවක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව එම ප්‍රදේශයේ ද මේ වනවිට අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
ඉදිරි පැය 24 පුරා ද රට පුරා බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
වරින් වර තද සුළං ද ඇති විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ.
රටවටා බොහෝ මුහුදු ප්‍රදේශවලට ද අදත් වැසි අපේක්ෂා කෙරෙනවා. ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.