තමන් ජනමත විචාරණයක් මගින් ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊළාම් රාජ්‍යක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය පවසනවා.
එය එම සංවිධානය මගින් තීරණය කර ඇති බවයි විදෙස් දෙමළ මාධ්‍ය වාර්තා කළේ.
උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ ජනතාව එම යෝජනාව ඉදිරිපත් කර ජනමත විචාරණය පවත්වන බවයි දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය කියා සිටියේ.
මෙම සංවිධානයේ නායක වී.රුද්රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක් ද පත්කරගෙන ඇති බව සඳහන්.
තමන්ගේ අදාළ යෝජනාව හා තීරණය සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇති අතර මෙය කඩිනම් කිරිමට ද පියවර ගන්නා බවයි දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය කියා සිටියේ.
මෙහිදී දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමත් එම සංවිධානයේ අපේක්ෂාවයි.
එමෙන්ම ශ්‍රීලංකාවේ ජීවත්වන දෙමළ ජනතාව වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බව පෙන්වා දෙන ඔවුන් එය දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවයි එම සංවිධානය සදහන් කළේ.
මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව ඉදිරිපත් කරනු ඇති.
අදාළ තීරණය තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් තමන් අරමුණ කරගෙන ඇති බවයි දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.