Saturday, January 11, 2025

General line - 0115112241

අවදානමට ලක්ව ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට පියවර




අවදානමට ලක්ව තිබෙන පුරාවිද්‍යා වටිනාකමක් සහිත විහාරස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සහා වැදගත් තීන්දු කිහිපයකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී එළඹ තිබෙනවා.

ඒ පිළිබ කරුණු දැක්වූ පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් කියා සිටියේ නිසි ආරක්ෂාවක් නොමැති වෙහෙර විහාරස්ථාන පිළිබඳව අවාධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

ඇතැම් විහාරස්ථාන නිධන් සොරුන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවද උන්වහන්සේ කියා සිටියා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය සහා ද මෙහිදී තීරණ කිහිපයකට එළඹි බව පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පැවසුවා.

බෞද්ධ විහාරංග සම්ප්‍රදායේ සුවිශේෂ නිර්මාණයක් ලෙස ටැම්පිට විහාර සැළකෙනවා. ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවලූයි එම නමින් හැඳින්වෙන්නේ.