කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකම මේ වනවිට විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ගිං ගගේ ජල මට්ටම ද වැඩිවෙමින් පවතින බවයි එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ අගලවත්ත, බදුරලිය, ඉංගිරිය, පාලින්දනුවර සහ අවට ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ.
කුකුළේ ගඟ ජලාශයේ පහල කොටසේ ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ද එම මධ්‍යස්ථනය කියා සිටියා.
ජලය ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත්වීම සුදුසු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ.