විවිධ පුද්ගලයින්ට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ලබාගැනීමට උත්සහ කළ අයකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පන්නිපිටිය, මාකුඹුර ප්රදේශයේ පුද්ගලයකුගෙන් කොට්ටාව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදුකෙරුණු බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා පන්නිපිටිය ප්රදේශයේම පදිංචිකරුවකු වනවා. ඔහුගේ වයස අවුරුදු 40ක්. ජංගම දුරකතනයක්, සිම් කාඩ්පත් 3ක්, බැංකු කාඩ්පත් 3ක් සහ ජාතික හැ`දුනුම්පත් දෙකක් ඔහු ළඟ තිබී සොයාගෙන තිබෙනවා.