වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා නම් කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හමුවීමේ බලාපොරොත්තුවෙන්.
එහෙත් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇති බව එම කුඩා දැරිය ජනාධිපතිවරයා හමුවනතුරු විශ්වාස කළේ නෑ.
තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිතුමාට දැනගන්නට ලැබුණා.
කෙතරම් කාර්ය බහුල තත්ත්වයක සිටිය ද තමන් හමුවීමට පැමිණි කුඩා දියණියගේ ආශාව ඉටුකරදීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
තම නිලධාරින් යවා දැරිය තමා අසළට ගෙන්වා ගත් ජනාධිපතිතුමා ඇයගේ ආ ගිය තොරතුරු විමසා බැලුවා.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිවරා සමග පිළිසදරක නිරත වූ දැරිය, තමා අතින් ඇඳි චිත්රයක් ද එතුමා වෙත පිළිගැන්නුවා.
එපමණක් නොව එම චිත්රය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිතුමාට ඇය කීවාය.
එම අපේක්ෂාව ඉටුකරදීමට පමණක් නොව බදුල්ලට පැමිණි අවස්ථාවක නැවත හමුවීමටද ජනාධිපතිතුමා දැරියට පොරොන්දු වූණේ ඇයගේ සතුට දෙගුණ,තෙගුණ කරමින්.