කුරුණෑගල නගරයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට දැරූ උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
පැහැරගත් පුද්ගලයා නිදහස් කිරීමට නම් රුපියල් තුන්ලක්ෂ අසූදහසක් කප්පම් ලෙස ලබාදිය යුතු බවයි කප්පම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ මුදල බැංකු ගිණුමකට බැර කරන ලෙසද කප්පම්කරුවන් පැහැර ගැනුණු පුද්ගලයාගේ ඥාතීන්ට දැනුම් දී තිබෙනවා.
මේ පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් දෙදෙනකු ඊයේ (15) රාත්‍රි පොල්පිතිගම නගරයේදී අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් අවුරුදු 27 සහ 28 යන වයස්වල පසුවන අයයි. පැහැරගැනුණු පුද්ගලයා ද නිරුපද්‍රිතව බේරාගෙන තිඛෙනවා.