Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ මහ වැසි! ගං වතුර, නායයාම් සහ මාර්ග අවහිරතා පිළිබඳ නවතම තොරතුරු මෙන්න (UPDATE)




සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල, කළුතර, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලටත් අද රාත්‍රියේ මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලා පොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

--------------------------------------------------------------

ලක්ෂපාන විමලසුරේන්ද්‍ර වාන් දමයි! වාන් ජලය කැළණි ගඟට

14-10-2017 17:56

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඊයේ (13) රාති‍්‍ර සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ලක්‍ෂපාන ජලාශයේවා න්දොරටු දෙකක් අද (14) පස්වරුවේ විවෘතකර ඇතිබව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසනවා. .විමලසුරෙන්ද්‍ර ජලාශයද අද පස්වරුවේ සිට වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා. 

එම ජලාශයේ වාන් දොරටු දෙකක විවෘත කිරිමත් සමගම කැළණී ගගේ ජල මටිටම තරමක් ඉහළ යාහැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර හැටන් නෝර්ටන් බ්‍රිජ්  මාර්ගයේ කාසල්රි ජලාශයට පහලින් ඔස්බොන්වත්ත ප‍්‍රදේශයේදි ප‍්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන්  මාර්ගයේ ගමනා ගමනකටයුතු අද පස්වරුවේ සිට ඇණහිට ඇතිබව නෝටන්බි‍්‍රජ් පොලිසියපවසනවා.

මාර්ගය යථාතත්ත්වයට පත්කරනතෙක්එම මාර්ගයේ ධාවනයකරවනවාහනවිකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවනලෙස නෝටන්බි‍්‍රජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. නෝටන්බි‍්‍රජ් මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ ටේබර්ටන් පහේ කණුව ප‍්‍රදේශයේදි ප‍්‍රධාන මාර්ගයට  ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනකටයුතු අද පස්වරුවේ සිට ඇණ හිට ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. එම මාර්ගයේ ගමන් ගන්නා වාහනද විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.. 

නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවේ.

14-10-2017 17:02

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. නාවලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිට මහනුවර - නාවලපිටිය ප‍්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් යටවූ බව බව නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියා. 

මේ අතර පවතින වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කහවත්ත සහ  ඕපනායක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නායයාමේ අවදානම් සහිත ස්ථානවල ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තවදුරටත් වැසි පැවතියහොත් තම දැනුම් දීම්වලට අනුව අවදානම් සහිත ස්ථානවල ජනතාව ඉවත්වීම අවශ්‍ය වන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 
 

------------------------------------------------------------

ඇහැලියගොඩ සහ නෙළුව ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස් 

14-10-2017 16:38

ඇහැලියගොඩ සහ නෙළුව ප්‍රදේශවල ජනතාවට අවධානම් ප්‍රදේශ වලින් ඉවත් වීමට දැනුම් දී ඇතැයි  ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය. පවසනවා. රත්නපුර කළුතර ගාල්ල මාතර කෑගල්ල දිස්ත්‍රික්ක වලට තද වැසි ඇද හැලෙමින් ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ. 

කළු ගඟෙ ජල මට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ගංවතුර මට්ටම දක්වා වර්ධනවය වෙමින් ඇති බවද වාර්තා වනවා. පාලින්ද නුවර, බදුරලිය , ඉංගිරිය ප්‍රදේශවල පහත්බිම් වල වෙසෙන ජනතාවද අවධානයෙන් පසුවන්නැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

----------------------------------------------------

අගලවත්ත කලවාන ප‍්‍රධාන මාර්ගය ජලයෙන් යටවේ

14-10-2017 14:28

අගලවත්ත කලවාන ප‍්‍රධාන මාර්ගය මිදලන ප‍්‍රදේශයේ දී ජලයෙන් යට වී තිබෙනවා. ඒ, පවතින දැඩි වර්ෂාව සමග මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන්.

මේ වනවිට එම මාර්ගයේ කොටසක් අඩි එක හමාරක් පමණ ජලයෙන් යටව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ හේතුවෙන් රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා. 

------------------------------------------------------------

කළු නිල්වලා පිටාර මට්ටමට..කැලණි ගඟත් අවදානම් මට්ටමක

14-10-2017 12:01

ඩිල්ෂාන් මඩවල

ගංගා කිහිපයක ජල මට්ටම ඇතැම් ප්‍රදේශවලදී ඉහළයමින් තිබෙනවා. වාරිමාර්ග දෙපර්තමේන්තුව පැවසුවේ නිල්වලා ග පානදුගම ප්‍රදේශයේදී ගංවතුර මට්ටමට පැමිණ ඇති බවයි.

කළු ගඟ, රත්නපුර සහ මිල්ලකන්ද යන ප්‍රදේශවලදී ගංවතුර අවදානම් මට්ටමේ පවතිනවා. එම ගංගා දෙපස වැසියන් මේ පිළිබ ඉතා විමසිල්ලෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ තමන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින බවයි.

ගිංගගේ ජල මට්ටම ද ඉහළ යමින් තිබෙනවා. නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පවසන්නේ ඇතැම් ප්‍රදේශවලදී ගිං ‍ගඟ පිටාර ගැලීමක් ද සිදුව ඇති බවයි.

සබරගමුව පළාතට ද මේ දිනවල තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. කැලණි ගගේ ජල මට්ටම ඉහළ යාමක් ද ඒ නිසා සිදුව ඇති බවයි නෙත් නිවුස් යටියන්තොට වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් පැවසුවේ.

ප්‍රදේශ කිහිපයක නායයාමේ අවදානමක් ද තවදුරටත් පවතිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ නායයාම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවල වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතු බවයි.

මේ අතර ඉදිරි දින කිහිපයේද රටපුරා බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂිතයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ දිවයිනේ මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල තරමක තද සුළං ද ඇති විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාවක් ලැබී ඇත්තේ නිවිතිගල ප්‍රදේශයටයි. එහි අගය මිලිමීටර් 123යි දශම 8ක්. කුකුලේගඟට මිලිමීටර් 106ක වර්ෂාවක් ද කැනියොන් ප්‍රදේශයට මිලිමීටර් 101යි දශම 1ක වර්ෂාවක් ද ලැබී තිබෙනවා.

රටවටා මුහුදු ප්‍රදේශ බොහොමයකට ද මෙලෙස වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් පැවසුවේ.

වැසි පවතින අවස්ථාවල දී මුහුද රළු විය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින යුතු බවයි අවධාරණය කෙරුණේ.  

මේ අතර වැසි සහිත අවස්ථාවලදී අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේ වේගය පැයට කිලෝමීටර් 60ක උපරිමයකට සීමා කරන්නැයි රියැදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය පැවසුවේ වැසි සහිත අවස්ථාවලදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කිරීම ද සුදුසු වන බවයි.

වැසි ඇදහැලීම නිසා සාමාන්‍ය බොහොමයක් ද ලිස්සන සුළු වී තිබෙනවා. මේ නිසා එම මාර්ගවල ද වාහන ධාවනයේදී රියැදුරන් වඩා විමසිලිමත් විය යුතු බවයි පොලිසිය පැවසුවේ.

වාහනය මාර්ගයට ඇතුළු කිරීමට පෙර තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි හොඳින් පරීක්සණා කර බලන ලෙස ඉල්ලීමක් කෙරුණා. වයිපරය ද නිසිලෙස ක්‍රියාත්මක වන්නේදැයි තහවුරු කරගන්නා ලෙසයි පොලීසිය රියැදුරන්ට සිහිපත් කළේ.