එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේදී මහාපරිමාණ වී සොරකමක් සිදුව තිබෙනවා. සොරකමට ලක්ව ඇති වී තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට වැඩියි.
පෞද්ගලික බැංකුවකට අයත් ගබඩාවක දී මෙම සොරකම සිදුව ඇතැයි පොලීසිය පැවසුවා.
අදාළ වී තොගය එහි ගබඩා කර තිබී ඇත්තේ ණය මුදලක් සඳහා ඇපයක් වශයෙන්. ඇපකරු විසින්ම සොරකම සිදුකර ඇතැයි සැකකෙරෙනවා.
ඒ අනුව සැකකාර ඇපකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. විමර්ශන සඳහා සීසීටීවී දර්ශන ද යොදාගැනුණා.