Saturday, January 11, 2025

General line - 0115112241

මානසික අවපීඩනයට බිම්මලින් ඖෂධ




ලොව පුරා ඉතා බහුල රෝගී තත්ත්වයක් වන මානසික අවපීඩනය සහා මැජික් මෂ්රූම් ලෙස හැඳින්වෙන බිම්මල් වර්ගය ඖෂධීය ගූණ දෙන බව පර්යේෂණවලින් හෙළිවී තිඛෙනවා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකුයි මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ.

එහිදී ඇතැම් තැනැත්තන්ගේ මානසික අවපීඩනය සති 5ක් ඇතුළත සම්පූර්ණයෙන් සමනය කිරීමට මැජික් මෂ්රූම්වලට හැකිවී තිඛෙනවා. පර්යේෂණය සහා සහභාගි කරවා ගැනුණු සෙසු තැනැත්තන්ගේ ද මානසික අවපීඩනය බොහෝ දුරට සමනය වූ බවයි පර්යේෂකයන් කියාසිටියේ.

කෙසේවෙතත් මානසික අවපීඩනය සහා ප්‍රතිකාරයක් ලෙස මැජික් මෂ්රූම් යොදාගැනීම කිසිවකු විසින් තනිව සිදු නොකළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.

අදාළ පර්යේෂණ තවදුරටත් සිදුකෙරෙන බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පැවසුවේ. මැජික් මෂ්රූම් යනු වෙනත් ඇතැම් ඖෂධ සහා ද යොදාගැනෙන බිම්මල් වර්ගයක්. 

මේ අතර ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ද මානසික අවපීඩනයෙන් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා. කෙසේවෙතත් තමන් මානසික අවපීඩනයකට ලක්ව ඇතැයි බොහෝ දෙනා නොදන්නා බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඒ නිසාම ප්‍රතිකාර සහා යොමුවීමට ද ඔවුන් ප්‍රමාද වන බව වෛද්‍යවරුන් කියාසිටියා.