Saturday, January 11, 2025

General line - 0115112241

රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය පරදවමු!




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට හෝ ඉඩ නොතැබිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පැවසුවේ ජනමත විචාරණයකින් තොරව යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි.

‘‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය පරදවමු’’ යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ අද (14) පැවති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

යෝජිත නව ව්‍යවස්ථාව පැරදවීමේ සටනට ශිෂ්‍ය ව්‍යාපාරයට ද ආරාධනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මෙහිදී කියා සිටියේ.