ඉදිරි මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කර ගැනීම සඳහා සියලූ පාක්ෂ ක‍්‍රියාකාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මොරවක ප‍්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසකගේ හමුවක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මත්තල ගුවන් තොටුපළට ආවේ මොනරුන් පමණක් බව පවසන අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේදී එය ඉන්දියාව සමග එක්වී ලාභ ලබන ගුවන් තොටුපොළක් බවට පත්කරන බව පැවසුවා.