Friday, May 10, 2024

General line - 0115112241

සෝමාලියානු ප්‍රහාරයෙන් 230 ජීවිතක්ෂයට.. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි (UPDATE)(VIDEO)




සෝමාලියාවේ මොගඩිෂූ අගනුවරදී සිදුවූ දැවැන්ත පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 230දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පිපිරිමෙන් තවත් 200ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

කේසේ වෙතත් මෙම ප්‍රමාරයේ ඉලක්කය වී තිබෙන්නේ සොමාලියානු අමාත්‍යංශ ගොඩනැගිල්ලක් සහ දේශපාලනඥයන් පිරිසක්.

ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ සොමාලියානු අමාත්‍යංශ රැසක් පිහිටි ප්‍රදේශයක් ද වන බව සඳහන්.

නමුත් ඉළක්කය වැරදි ඇති අතර ප්‍රහාරයෙන් සාමාන්‍ය ජනතා වැඩි වශයෙන් ජීවතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තුවාල ලැබුවන්ගේ තත්ත්වයද බරපතල බව සඳහන්. එම නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.

----------------------

සෝමාලියාවේ දැවැන්ත පිපිරීමක් - 30 දෙනෙකු මරුට (15-10-2017 10:28)

සෝමාලියාවේ මොගඩිෂූ අගනුවරදී දැවැන්ත පිපිරීම සිදුවී තිබෙනවා.

පුුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරි රථයක් හෝටලයක් ඉදිරිපිටදී පුපුරවා හැරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය ඊයේ (14) සිදුවූ අතර මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පළමු පිපිරීමෙන් සුළු මොහොතකට පසුව දෙවන බෝම්බයද පිපිරී ගොස් ඇති අතර, එහිදීද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රහාරය සිදු කළේ කවුද යන්න තවමත් හඳුනාගෙන නැහැ.