Saturday, January 11, 2025

General line - 0115112241

නාමල් ඇතුළු සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක් (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට දී පසුගියදා පැවති විරෝධතාවය සමබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සාධාරණ යුක්ති සහගත ක්‍රියාවක් නොවන බව පවසා අද (15) තංගල්ල නගරයේ දී විරෝධතා ව්‍යාපාරයක් පැවත්වුණා.

 

තංගල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිටදී පැවැති මෙම සාමකාමී නිහඩ විරෝතාවයේ දී ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස නිදහස් කරන ලෙසත් ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙසත් බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

 

එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියා.

 

එහිදී විරෝධතාකරුවන් කලුපට් හිසේ සහ මුඛයේ බැඳගෙන බොහෝ පිරිස් විරෝධතාවයේ නියැළුණු බවයි nethnews.lk අප වාර්තාකරු කියා සිටියේ.