Friday, May 10, 2024

General line - 0115112241

කැලිෆෝනියා ලැව් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට




කැලිෆෝනියාවේ දින 6ක් තිස්සේ පැතිරෙන ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිය ගණනක් තවමත් අතුරුදන් බවයි එරට වාර්තා පැවසුවේ. ගින්න නිවාදැමීම සහා දසදහසක පමණ ගිනි නිවන නිලධාරීන් යොදවා ඇතත් ගින්න මැඩපැවැත්වීමට සමත් වී නැහැ.

දහස් ගණනක පමණ නිවාස ගොඩනැගිලි විනාශ වී ඇති බවයි එරට වාර්තා සහන් කළේ.

පැයට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් සුළං හමායාම හේතුවෙන් ලැව් ගින්න නගරබද පෙදෙස්වලට පැතිර යාමේ අවදානමක් ද මතුව තිබෙනවා.

ලැව් ගින්න හේතුවෙන් 3000ක පමණ පිරිසක් මීට පෙර ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව ගොස් තිබුණා.