සයිටම් ගැටලූව මුල් කරගනිමින් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ, ගැටලූවට කඩිනම් විසඳුමක් ලබා දීමට සුදුසු පියරව ගන්නා ලෙස සිහිපත් කරමින්. සයිටම් ආයතනය මුල් කරගෙන පැන නැගි ඇති අර්බුදය විසඳීමට ප්‍රමාද වීම රටට හිතකර නොවන බවයි එහි දැක්වෙන්නේ.
මෙම ගැටලූව තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා අදාළ පාර්ශව සියල්ලටම එකඟ විය හැකි විසඳුමක් කෙරෙහි විශේෂ අවධානයක් යොවමු කරන ලෙසට ද අදාළ ලිපිය මගින් දන්වා තිබෙනවා.
දැනට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් 08 දෙනෙකු සකස් කර ඇති යෝජනා පදනම් කර ගනිමින් හිතකර විසඳුමකට එළඹිය හැකිනම් එය වඩාත් ප්‍රායෝගික වනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
සයිටම් අර්බුදයට මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හා සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදය එක්ව ඉදිරිපත් කළ කරුණු ද සැළකිල්ලට ගෙන ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් මෙම ලිපිය යොමු කර ඇති බව සඳහන්.
මේ අතර, මෙම ලිපිය සම්බන්ධයෙන් කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය අදහස් පළ කළා. මේ, එහි මාධ්‍ය ප්‍රකාශක වෛචද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික උවමනාවන් ඉෂ්ඨ කිරිමට රජය කටයුතු කරන බවයි.
සයිටම් ගැටලූව වහාම විසඳීමට කටයුතු නොකළහොත් ශිෂ්‍ය දෙමාපියන් ලබන මාසයේ දී මාරාන්තික උපවාසකට යෑමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.