Saturday, January 11, 2025

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ පෙනි සිටින්න සූදානම්




බැඳුම්කර ගනුදෙනුව පිළිබ සොයා බැලීම සහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක පෙනි සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවසථාවන්හිදි අග්‍රාමාත්‍යවරයා පිළිබව ද තොරතුරු සහන් වීම ඊට හේතුවයි.

එබැවින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබ කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානමින් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

ජනවාරි 08 වනදා මෙරට ජනතාව බහුතර ජන වරමක් ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමටයි.

රජයට හෝ රජයේ නිලධාරීන්ට හෝ චෝදනා එල්ලවන අවස්ථාවන්හිදි ඒ පිළිබ පරීක්ෂණ පැවැත්වීමටද සොයා බැලීමට ද රජය සැම විටම ක්‍රියා කර තිබෙනවා.

ඉදිරියටද ඒ පිලිවෙතම අනුගමනය කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සහතික කර සිටින්නේ.