Thursday, September 19, 2024

General line - 0115112241

ට්විටර් ගිණුමක් ගෝඨාව පටලවයි



තමන් ට්විටර් ගිණුමක් භාවිත නොකරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම ඡායාරූපය සහ නම ඇතුළත් කර දැනට යාවත්කාලීන වන ට්විටර් ගිණුම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශී‍්‍ර ලංකා ආරක්‍ෂක අංශ අතර පැවති මානුෂීය මෙහෙයුමේදී ප‍්‍රධාන යුද උපක‍්‍රම 9 ක්  භාවිත කළ බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නම සඳහන් ට්විටර් ගිණුමේ ඊයේ (20) තොරතුරක් වාර්තා කර තිබුණා.

ඒ, මීට වසර කිහිපයකට පෙර ඉන්දීය පුවත්පතකට ලබාදුන් ආරක්‍ෂක වාර්තාවක් උපුටා දක්වමින්. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ වැඩිදුර කරුණු විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේ එම ප‍්‍රවෘත්තිය මීට වසර කිහිපයකට පෙර පළවූ එකක් බවයි.

එය ඇමෙරිකානු පුවත්පතකද පළ වූ බව ඔහු ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් තමන් ට්විටර් ගිණුමක් භාවිත නොකරන බවත් තම නම සහ ඡායාරූපය යටතේ යාවත්කාලීන වන ට්විටර් ගිණුම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

(අදාළ ට්විටර් ගිණුම පහතින් දැක්වෙයි)

01