දුම්රිය මාර්ගය හරහා ඉදිවී ඇති කැලණිය ගුවන් පාලමේ බරවාහන ධාවනය නතර කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මෙම අදහස් පළකලේ මේ වනවිට අලූත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින මෙම ගුවන් පාලම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.
මෙම ගුවන් පාලම ඉදිවී වසර 9ක් ගතව තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් පාලමක අලූත්වැඩියා කටයුතු කිරීමට සිදුවන්නේ වසර 25කට පමණ පසුවයි.
එහෙත් පාලම් දෙකක් ලෙස ඉදිව ඇති මෙම ගුවන් පාලම මෙතරම් ඉක්මණින් අලූත්වැඩියා කටයුතු කිරීමට සිදුව ඇත්තේ ප්‍රමාණය ඉක්මවා බරවාහන ධාවනය හේතුවෙන් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම අලූත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණා. මේ වනවිට එහි එක් පාලමක අලූත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.
පාලම් දෙකෙහිම සම්පූර්ණ අලූත්වැඩියා කටයුතු ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඊට සමගාමීව ගුවන් පාලමට පහළින් දිවෙන මාර්ගය ද අලූත්වැඩියා කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඉන් අනතුරුව නුවර පාරේ ධාවනය කරන බරවාහන ගුවන් පාලමට පහළින් මාර්ගයේ හෝ කොළඹ -කටුනායක අධිවේගී පිවිසුම ඔස්සේ ගොස් තොරණ හන්දියෙන් නුවර පාරට පිවිසීමට කටයුතු කරන බවයි නිහාල් සූරියාරච්චි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අනුව අලූත්වැඩියා කටයුතු නිමවීමෙන් අනතුරුව කැලණිය ගුවන් පාලම මතින් බරවාහන ධාවනය නතර කිරීම කෙරෙහි අවධානය යොමුව තිඛෙනවා.