Sunday, January 12, 2025

General line - 0115112241

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජනපතිට ලියයි




ජාතික චිත්‍රපට සංස්ථා පනතට පටහැනිව චිත්‍රපට මුදාහැරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ එම තත්ත්වය මහරවා ගැනීම සහා යෝජනාවලියක් ද ඉදිරිපත් කරමින්.

මෙම යෝජනාවලියට කරුණු 7ක් ඇතුළත්. ඒ පිළිබකරුණු දක්වමින් දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට කියා සිටියේ දේශීය සිනමාව නඟා සිටුවීමට පියවර ගත යුතු බවයි.

චිත්‍රපට ප්‍රදර්ශනය කරන සිනමා මණ්ඩල පිළිබව ද ගැටලූවක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වර්තමානයේ ජාතික චිත්‍රපට සංස්ථා පනත ක්‍රියාත්මක නොවන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

විදේශීය චිත්‍රපට මුදාහැරීමේදී ද චිත්‍රපට සංස්ථා පනතට අනුව පියවර නොගතහොත් ඉදිරියේදී ගැටලූ රැසක් මතුවිය හැකි බවයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට වැඩිදුරටත් කියා සිටියේ.