නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අද (23) සිට ලබන නොවැම්බර් මස 15 වැනිදා දක්වා මෙම පොදු සමාකාලය ක්‍රියාත්මකයි.
68 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාපතිවරයාගේ ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා ඒ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
2016 වසර අවසානයේ කි‍්‍රයාත්මක කෙරුණු පොදු සමාකාලයෙන් පසු මේ වනවිට නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටි 5000කට ආසන්න යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටි කිසියම් හෝ අයකු මේ වනවිට මියගොස් සිටින්නේ නම් ඒ පිළිබඳවද කඩිනමින් දැනුම් දෙන්නැයි යුද්ධ හමුදාව මෙහිදී ඉල්ලීමක් කළා.