Saturday, April 27, 2024

General line - 0115112241

යාපනයයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා මරුට

මාධව කුලසූරිය - වව්නියාව




යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් අනතුරුව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි උදයම්පුර පදිංචිකරුවෙක්.

අදාළ තරුණයාට ඊයේ (22) පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.