Saturday, April 27, 2024

General line - 0115112241

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක දෙවැන්නා කෝලි




එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ දෙවැන්නා බවට පත්වුණේ ඉන්දීය නායක විරාත් කෝලි බිහිකළ වාර්තාවේ සතුට පැය කිහිපයකින් උදුරා ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ ඉන්දියාවට එරෙහිව මුම්බායි හි පැවැති පළමු එක්දින තරගය කඩුලූ 6කින් ජයගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 8කට ලකුණු 280යි.

විරාත් කෝලි ලකුණු 121ක් රැස්කළා.

ඒ ඔහුගේ 31වන ශතකයයි. ඒ අනුව ශතක 30ක් රැස් කරනිමින් දෙවන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් පසුකර යාමට කෝලි සමත් වුණා.

කෝලි මෙම ශතකය රැස්කළේ ඔහුගේ 200වන එක්දින ජාත්‍යන්තර තරගයේ වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් නවසීලන්තය 49 වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලූ 4ක් පමණක් දැවී තිබියදීයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ටොම් ලැතම් නොදැවී ලකුණු 103ක් රැස් කළ අතර රොස් ටේලර් ලකුණු 95ක් රැස් කළා.

නවසීලන්තය ජයග්‍රහණයට ගෙන ගිය ඔවුන් දෙදෙනාගේ සබතාව ලකුණු 200ක්.