Sunday, April 28, 2024

General line - 0115112241

"පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බයක් ගැසිය යුතුයි" - විමල්ගෙන් හෙඩ්ලයින් එකක් (VIDEO)

සුගත් ධර්මප්‍රිය




රට විනාශයකට ඇද දමන ව්‍යවස්ථා සංශෝධනයකට සහයෝගය දක්වමින් අත උස්සන්නේ නම් පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බයක් ගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ පවසනවා.

සිය දින 87ක සිරගත දිවියේදී රචනා කළ දෙවන කෘතිය ඊයේ(22) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී ජනගත කරමින් ඔහු මේබව සඳහන් කළා.

සංහිඳියාව හැදෙන බව කියමින් සංහිඳියාව විනාශ කරන ව්‍යවස්ථාවකට අත උස්සා සිටිය නොහැකි මන්ත්‍රීවරු 76ක් වත් නොමැති පාර්ලිමේන්තුවකින් ප්‍රථිපලයක් නොමැති බවයි විමල් විරවංශ මන්ත්‍රීවරයා  එහිදී කියා සිටියේ.

එනිසා පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බයක් ගැසිය යුතු බව පවසමින් ඔහු කියා සිටියේ තමන් 'හෙඩ්ලයින් එකක් දුන් බවයි. 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ කළ කතාවේ කොටස් කිහිපයක් පහතින් දැක්වෙනවා.