Sunday, April 28, 2024

General line - 0115112241

"තවත් දින 3ක් දෙන්න" - තොණ්ඩමන් දේශපාලන හෙළිදරව්වකට සූදානම් (VIDEO)

වසන්ත පිවිතුරු




නුවරඑළිය දිස්ත්‍රික්කයට අළුතින් අයිතිවාසිකම් කියන අයගේ වැඩ ජනතාවට හෙළි කිරිම සඳහා දින තුනක් තමන්ට ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් පවසනවා.

ඔහු කියා සිටියේ කම්කරු කොංග්‍රසයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් ඇතැමුන් පුරසාරම් දොඩන බවයි.

තම පක්ෂයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් 1998 වසරේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තවත් පුළුල් කළ යුතුයි  යන යෝජනාව රජයට ඉදිරිපත් කළ බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

නමුත් එම අවස්ථාවේ දී රේණුකා හේරත් හිටපු අමාත්‍යවරිය ඊට විරෝධය පල කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

දේශපාලනයේ අංකුරයක් වූ පිරිස් අද නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමිකම් පෑවද ලංකා කම්කරු කොංග්‍රසය නම් වෘක්ෂය කිසි දිනක බිමට ඇද දැමිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

හැටන් ඩයගමදී පැවත් උත්සවයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ අදහස් පල කළා.