Sunday, April 28, 2024

General line - 0115112241

සවස් කාලයේ වැසි




අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත් ද ඊට ඇතුළත්. නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මිලිමීටර් 75කට ආසන්න වැසි ද ඇතිවිය හැකි බවටයි අනාවැකි පළකෙරුණේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මෙන්ම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහන් කළේ.